ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඊයේ (ජුලි 5) බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවන එක්දින තරගයේදී දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ වසර ගණනාවක් පැරණි වාර්තාවක් තමන් සතු කර ගැනීමට සමත් වුණා.
මෙම තරගයේදී වනිඳු ලකුණු 13ක් පමණක් රැස් කළත්, එම ඉනිමත් සමඟ ඔහු ජාත්‍යන්තර එක්දින තරගවලදී ලකුණු දහසේ සීමාව (1012) පසු කරමින් එක්දින ලකුණු 1000 සහ කඩුලු 100 යන කඩඉම් දෙකම වේගයෙන්ම පසු කළ ක්‍රීඩකයා බවට පත් වුණා.
ෂෝන් පොලොක් මෙම සුවිශේෂී වාර්තාව එක්දින තරග 68කින් පිහිටුවා තිබූ අතර, වනිඳු එය බිඳ දැමුවේ තරග 65කට ක්‍රීඩා කරමින්. දැනටමත් එක්දින කඩුලු 106කට හිමිකම් කියන වනිඳු, මෙම වාර්තාවත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබෙනවා.