සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

ෂෝන් පොලොක්ගේ වාර්තාව වනිඳු හසරංග බිඳ දමයි!

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඊයේ (ජුලි 5) බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවන එක්දින තරගයේදී දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ වසර ගණනාවක්

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඊයේ (ජුලි 5) බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවන එක්දින තරගයේදී දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ වසර ගණනාවක් පැරණි වාර්තාවක් තමන් සතු කර ගැනීමට සමත් වුණා.

මෙම තරගයේදී වනිඳු ලකුණු 13ක් පමණක් රැස් කළත්, එම ඉනිමත් සමඟ ඔහු ජාත්‍යන්තර එක්දින තරගවලදී ලකුණු දහසේ සීමාව (1012) පසු කරමින් එක්දින ලකුණු 1000 සහ කඩුලු 100 යන කඩඉම් දෙකම වේගයෙන්ම පසු කළ ක්‍රීඩකයා බවට පත් වුණා.

ෂෝන් පොලොක් මෙම සුවිශේෂී වාර්තාව එක්දින තරග 68කින් පිහිටුවා තිබූ අතර, වනිඳු එය බිඳ දැමුවේ තරග 65කට ක්‍රීඩා කරමින්. දැනටමත් එක්දින කඩුලු 106කට හිමිකම් කියන වනිඳු, මෙම වාර්තාවත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්