සිරස්තල
ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ෂෝන් පොලොක්ගේ වාර්තාව වනිඳු හසරංග බිඳ දමයි! එලොන් මස්ක්ගේ “The America Party”: ඇමරිකානු දේශපාලනයේ තුන්වන බලවේගයක් බිහිකරයිද? ක්ලැරන්ස් විජේවර්ධනට උපහාරයක් වූ ‘තේජා ඉද්දමල්ගොඩගේ’ අවසන් සිනමා නිර්මාණය තිරගත වේ වෙඩි වැදීමෙන් රෝගාතුර වූ හස්තියාගේ තත්ත්වය බරපතලයි බංග්ලාදේශ පුහුණුකරු සිමන්ස් ශ්‍රී ලංකා සංචාරය මැද පිටත්ව යයි ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට

ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට

අද (ජූලි 07) සිට එළඹෙන 11 වනදා දක්වා ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික අනතුරු පිළිබඳ උපදේශක කමිටුවේ

මිතුරන් සමග බෙදාගන්න

අද (ජූලි 07) සිට එළඹෙන 11 වනදා දක්වා ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික අනතුරු පිළිබඳ උපදේශක කමිටුවේ මෙහෙයවීමෙන් සෑම වසරකම ජූලි මාසයේ පළමු සඳුදා සිට සිකුරාදා දක්වා මෙම සතිය ක්‍රියාත්මක වේ.

දින අනුව ක්‍රියාත්මක වන වැඩසටහන්

මෙම සතිය තුළ දිනපතාම විවිධ අනතුරු නිවාරණ තේමා යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි:

  • අද (ජූලි 07): මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය
  • හෙට (ජූලි 08): සේවා ස්ථානයන්හි අනතුරු වැළැක්වීමේ දිනය
  • අනිද්දා (ජූලි 09): නිවෙස් මෙන්ම වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීමේ දිනය
  • ජූලි 10: දියේ ගිලීම්වලින් වන අනතුරු වැළැක්වීමේ දිනය
  • ජූලි 11: පාසල්, පෙර පාසල් මෙන්ම, දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය

මෙම කාලය තුළදී, අනතුරු නිවාරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, අනතුරු සිදුවීමේ අවදානමක් ඇති විවිධ ස්ථාන පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් සැලසුම් කර ඇත.

අනතුරු අවම කිරීමට දීර්ඝකාලීන පියවර

ශ්‍රී ලංකාවේ රෝහල් ගතවීම් අතරින් හදිසි අනතුරු ප්‍රධාන සාධකය බවට හඳුනාගෙන ඇති අතර, ආබාධිත තත්ත්වයන් සහ මරණ සඳහා ද හදිසි අනතුරු විශාල ලෙස හේතු කාරක වන බව අමාත්‍යාංශය පවසයි. සෑම වසරකම ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 7 දෙනකුගෙන් එක් අයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු ආකාරයේ අනතුරකට පත්විය හැකි බවත්, සෑම විනාඩියකටම අවම වශයෙන් ශ්‍රී ලාංකිකයින් 6ත් 8ත් අතර සංඛ්‍යාවකට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන ආකාරයේ අනතුරක් විය හැකි බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඉදිරියේදී අනතුරු ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේය.


 

වාකරේ දියේ ගිලී දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට

 

මේ අතර, ජාතික අනතුරු නිවාරණ සතිය ආරම්භ වන දිනයේම අවාසනාවන්ත සිදුවීමක් වාකරේ ප්‍රදේශයෙන් වාර්තා විය. වාකරේ – පනිච්චන්කේනී වැවේ දිය නෑමට ගිය කුඩා දරුවන් තිදෙනෙකු ඊයේ (ජූලි 06) දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සඳහන් කළේ, මියගිය දරුවන් තිදෙනා අවුරුදු 10 ත් 11 ත් අතර වයසේ පසුවන බවයි. මොවුන් සිය පවුලේ ඥාතීන් සමඟ ඊයේ වාකරේ – පනිච්චන්කේනි වැවට ගොස් ඇත්තේ මසුන් ඇල්ලීම සඳහායි. එම අවස්ථාවේදී දරුවන් වැවේ නෑමට ගොස් තිබූ අතර, ඔවුන් වැවෙහි වැලි හාරා තිබූ වලකට වැටී මියගොස් තිබූ බව පොලීසිය කියා සිටියේය.

මෙවැනි සිදුවීම් හරහා අනතුරු නිවාරණයේ වැදගත්කම තවදුරටත් අවධාරණය වේ. ඔබගේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි පියවර මොනවාද?

වෙනත් පුවත්

උණුසුම් පුවත්