YouTube විසින් නිර්මාණකරුවන්ගෙන් සෑම විටම මුල් සහ සත්‍ය අන්තර්ගතයන් (original and authentic content) උඩුගත කරන ලෙස ඉල්ලා සිටින බව නැවතත් අවධාරණය කර තිබෙනවා. 2025 ජූලි 15 වන දා සිට, YouTube ඔවුන්ගේ මාර්ගෝපදේශ (guidelines) යාවත්කාලීන කිරීමට නියමිත අතර, මෙහි ප්‍රධාන අරමුණ වන්නේ “මහා පරිමාණයෙන් නිපදවන ලද (mass-produced)” සහ පුනරාවර්තන අන්තර්ගතයන් (repetitive content) වඩාත් හොඳින් හඳුනා ගැනීමයි.
YouTube හි සංස්කාරක ප්‍රධානී Rene Ritchie සඳහන් කරන්නේ, ජූලි 15 වන දා හඳුන්වා දෙන වෙනස්කම් දැනට පවතින මුදල් ඉපැයීමේ ප්‍රතිපත්තිවලට (monetization policies) සිදුකරන සුළු යාවත්කාලීනයක් පමණක් බවයි. දැනටමත්, මුල් නොවන අන්තර්ගතයන් වීඩියෝවලට ඇතුළත් කරන්නේ නම් සැලකිය යුතු වෙනස්කම් කළ යුතු බවට නීති පවතිනවා.
තාක්ෂණය දියුණු වන විට අඩු ගුණාත්මක අන්තර්ගතයන් විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම පහසු වී තිබෙනවා. හොරකම් කළ ක්ලිප් සහ AI-ජනනය කළ හඬ පට (voiceovers) එකතු කර ඇති වීඩියෝ මෙන්ම, YouTube හි “මුල් සහ සත්‍ය” අන්තර්ගතයන් සඳහා වන අවශ්‍යතාවය තිබියදීත්, කම්මැලි ලෙස සාදන ලද AI ස්පෑම් (spam) වලින් පිරුණු නාලිකා ඕනෑ තරම් දැක ගත හැකියි.
X සමාජ මාධ්‍ය වේදිකාවේ පරිශීලකයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් YouTube පැහැදිලි කළේ, අන්තර්ගතය වැඩි දියුණු කිරීමට AI භාවිතා කරන්නේ නම්, එය අනෙකුත් සියලුම ප්‍රතිපත්ති අවශ්‍යතා සපුරාලන්නේ නම් තවදුරටත් මුදල් ඉපැයීමට සුදුසුකම් ලබන බවයි.
“මහා පරිමාණයෙන් නිපදවන ලද” හෝ “පුනරාවර්තන අන්තර්ගතයන්” යනු කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි කිරීම් නිසා, YouTube feed එකේ ඇති ස්පෑම් ප්‍රමාණය අවම වනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකියි.