සිරස්තල
2025 Tomorrowland ප්‍රධාන වේදිකාවේ ගින්නක් දින 11ක් ජීවිතය වෙනුවෙන් සටන් කළ භාතිය හස්තියාගේ දළ වනජීවී දෙපාර්තමේන්තුවට ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක්

“අනුර කුමාර දිසානායක ආසියාවේ ලොකුම ඒකාධිපතියා” – සුජීව සේනසිංහ මහතා පවයි

රටේ ජනතාවගේ මුදල් ඉතුරු කරන බවට පොරොන්දු වී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව කිසිවක් ඉටු කර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා

මිතුරන් සමග බෙදාගන්න

රටේ ජනතාවගේ මුදල් ඉතුරු කරන බවට පොරොන්දු වී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව කිසිවක් ඉටු කර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.

අද (ජූලි 16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, එවක පාර්ලිමේන්තුවේදී තමන් සමඟ රාජපක්ෂවරුන්ට චෝදනා කළ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, අද වන විට “ධනවාදයේ පියා” බවට පත්ව ඇති බවයි.

නීති විරෝධී දේවල් සිදු කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා විශාල වශයෙන් කතා කළ බවද, නමුත් අද වන විට “ප්ලග් එකක මිලද රුපියල් 75,000 ක්” බවට පත්ව ඇති බවද සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළා.

ගතවූ මාස කිහිපය තුළ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක “ආසියාවේ ලොකුම ඒකාධිපතියා” බවට පත්ව ඇති බවත්, ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ වැඩිදුරටත් චෝදනා කළා.

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්