බෙල්ජියමේ පැවැත්වීමට නියමිතව තිබූ 2025 ටුමෝරෝලෑන්ඩ් (Tomorrowland) සංගීත ප්‍රසංගයේ ප්‍රධාන වේදිකාවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, ප්‍රසංගය ආරම්භ වීමට දින දෙකකට පෙර හටගත් මෙම ගින්නෙන් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.
මෙම ගින්නෙන් කිසිවෙකුටත් ශාරීරික හානියක් සිදුව නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ටුමෝරෝලෑන්ඩ් සංවිධායකයින් ප්‍රකාශ කරන්නේ, ඇතිවූ ගින්නක් හේතුවෙන් ප්‍රධාන වේදිකාවට දැඩි හානි සිදුවී ඇති බවයි. ගින්න ඇති වන අවස්ථාවේදී උත්සවයට සහභාගී වීමට පැමිණි ප්‍රේක්ෂකයන් කිසිවෙකු එහි නොසිටි නමුත්, කාර්ය මණ්ඩල සාමාජිකයින් 1,000ක් පමණ රැඳී සිටි බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඔවුන්ව වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම සංගීත ප්‍රසංගය හෙට (ජූලි 18) ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේදී ආරම්භ වීමට නියමිතව තිබූ අතර, එය සති අන්ත දෙකක් පුරා පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ. මීට ප්‍රේක්ෂකයන් 400,000ක් පමණ පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂාවෙන් සිටියා.
කෙසේ වෙතත්, ටුමෝරෝලෑන්ඩ් සංවිධායකයින් පවසන්නේ, ප්‍රසංගය පැවැත්වීම සඳහා විසඳුම් සොයමින් සිටින බවයි. මෙම දැවැන්ත සංගීත ප්‍රසංගයේ අනාගතය පිළිබඳව මේ වන විට දැඩි අවිනිශ්චිතතාවයක් මතුව තිබෙනවා.