සිරස්තල
ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතුරු ඇඟවීමක් ‘මහසිලු’ නම් ඇතාගේ මළ සිරුර හමුවෙයි එලොන් මස්ක් අභිබවා ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලැරී එලිසන් බවට පත්වෙයි ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලිය ඇෆ්ගනිස්තානයට ජයග්‍රාහී ආරම්භයක් රුසියාවෙන් පිළිකා එන්නතක්: භාවිතයට සූදානම් බවට නිල ප්‍රකාශයක්

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටි ගගනගාමීන් යළි පෘථිවියට

මාස 9කට අධික කාලයක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටින නාසා ගගනගාමී දෙදෙනා සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් පෘථිවියට ගොඩ බැස තිබේ. සුනීතා විලියම්ස් සහ බුච්

මිතුරන් සමග බෙදාගන්න

මාස 9කට අධික කාලයක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටින නාසා ගගනගාමී දෙදෙනා සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් පෘථිවියට ගොඩ බැස තිබේ.

සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් අභ්‍යවකාශයට ගියේ ඔවුන්ගේ අවසන් අභ්‍යවකාශ මෙහෙයුම ආරම්භ කරමිනි. දින 8 ක මෙහෙයුම, මාස 9 ක් වේවි යැයි ඔවුන් සිහිනෙකින්වත් සිතුවේ නැත. විලියම් සහ විල්මෝර් යළි පැමිණියේ නාසා ආයතනය සමඟ සම්බන්ධ වී සිටින, ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ සමාගමේ ‘ඩ්‍රැගන්’ ගගන කැප්සියුලයේ ආධාරයෙනි.

කැප්සියුලය ඇමෙරිකාවේ වේලාවෙන් සවස 5.57 ට පැරෂූට් ආධාරයෙන් ෆ්ලොරීඩාවට ඔබ්බෙන් මුහුදට පතිත කෙරුණි. ඒ, විලියම් සහ විල්මෝර්ගේ අවසන් ගගන මෙහෙයුම දින 268 කට පසු අවසන් කරමිණි.

විලියම් සහ විල්මෝර් ආපසු පැමිණියේ තනිවම නොව, එම කැස්පියුලයෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය ඇමෙරිකන් සහ රුසියන් ගගනගාමීන් දෙදෙනකු ද සමඟය. ‘ඩ්‍රැගන්’ කැප්සියුලයේ ඉඩ පහසුකම් ඇත්තේ ගගනගාමීන් සිවු දෙනකුට පමණි.

සාමාන්‍යයෙන් ගගනගාමීන් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙද්දී, ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරේ. පලපුරුදු නාසා ගගනගාමීන් වුවත්, 59 හැවිරිදි සුනීතා විලියම්ස් සහ 62 හැවිරිදි බුච් විල්මෝර්, ආපසු ආ සැණින් වෛද්‍ය ආධාරකරුවන්ගේ අවධානයට ලක්වූහ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්