සිරස්තල
නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි, පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි

“ZOMBIE RABBITS” නම් virus යක් අමෙරිකාවේන්

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකින්, මුහුණේ සහ බෙල්ල ප්‍රදේශවල අමුතු අං වැනි කොටස් සහිත විකෘති පෙනුමක් ඇති හාවුන් පිරිසක් හමුවී තිබෙනවා. මෙම හාවුන්, ‘Shope Papillomavirus’

මිතුරන් සමග බෙදාගන්න

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකින්, මුහුණේ සහ බෙල්ල ප්‍රදේශවල අමුතු අං වැනි කොටස් සහිත විකෘති පෙනුමක් ඇති හාවුන් පිරිසක් හමුවී තිබෙනවා. මෙම හාවුන්, ‘Shope Papillomavirus’ නම් දුර්ලභ වෛරසයකින් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මෙම වෛරසය 1933 වසරේදී සොයාගෙන ඇති අතර, මීට පෙර 2013, 2022 සහ 2023 වසරවලදීද අමෙරිකාවේ ප්‍රදේශ කිහිපයකින් ආසාදිත හාවුන් හමුවී තිබෙනවා. කෙසේ වෙතත්, මේ වසරේ කොලරාඩෝ ප්‍රාන්තයෙන් හමුවූ හාවුන් සංඛ්‍යාව සංඛ්‍යාත්මකව වැඩි බවයි වාර්තා වන්නේ.

විකෘති පෙනුම නිසා ප්‍රදේශවාසීන් මෙම හාවුන්ට ‘Zombie Rabbits’, ‘Demon Rabbits’ සහ ‘Frankenstein’s Bunnies’ වැනි නම් කිහිපයක් පටබැඳ තිබෙනවා.

වෛද්‍යවරුන් සහ වනජීවී අංශ මහජනතාව දැනුවත් කරන්නේ, මෙම වෛරසය මගින් මිනිසුන්ට බලපෑමක් නොමැති බවයි. එසේ වුවත්, ආසාදිත සතුන් ස්පර්ශ නොකිරීමට සහ සුරතල් සතුන් ඔවුන් අසල ගැවසීමට ඉඩ නොදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

මේ වන විට මෙම වෛරසය හාවුන්ට පමණක් සීමා වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Report: දනුෂ්ක රත්නායක

වෙනත් පුවත්

උණුසුම් පුවත්