සිරස්තල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරයට

අද (22) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම

මිතුරන් සමග බෙදාගන්න

අද (22) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොළඹ මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය විසින්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විමර්ශන කටයුතු අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියද, මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, සැකකරු එළඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්