සිරස්තල
රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි

රනිල් වික්‍රමසිංහට අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිරීක්ෂණය යටතේ සිටින බැවින්, බොහෝදුරට අද (අගෝස්තු 26) දිනයේදී ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇතැයි

මිතුරන් සමග බෙදාගන්න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිරීක්ෂණය යටතේ සිටින බැවින්, බොහෝදුරට අද (අගෝස්තු 26) දිනයේදී ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත්, අවශ්‍ය වුවහොත් Zoom තාක්ෂණය ඔස්සේ හෝ නීති කටයුතු සඳහා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හැකි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද දිනයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතයි.

පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අධිකරණ නියෝග මත අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදිනම ඔහු බන්ධනාගාර රෝහලටත්, ඉන් පසුදින කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයටත් ඇතුළත් කෙරුණා.

මේ වනවිට ඔහු විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් අධීක්ෂණය කරනු ලබන අතර, අද දිනයේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ යුතුද යන්න පිළිබඳ නිර්දේශ ද මෙම කමිටුව විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්