හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හැරේ

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 26) නියෝග කළා. ඒ අනුව, සැකකරු

මිතුරන් සමග බෙදාගන්න

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 26) නියෝග කළා.

ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස අධිකරණය නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු මෙන්ම ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා ද සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළා.

මෙම නියෝගයත් සමඟ, මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ පළමු සිදුවීම අවසන් විය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්