නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපක එකක 6.0ක ප්‍රබලත්වයකින් හටගත් භූකම්පනයෙක් මියගිය සංඛ්‍යව 622ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම භූකම්පනයෙක් අවම වශයෙන් පුද්ගලයින් 1,500ක් පමණ තුවාල ලබා ඇති බවයි තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
මරණවලින් වැඩි ප්‍රමාණයක් කුනාර් කලාපයේ සිදුව ඇති බවයි තලේබාන් රජය සඳහන් කරන්නේ.
පාකිස්ථානය දේශසීමා ආසන්නයේ ඇති කුනාර් පළාතට මින් වැඩිම බලපෑම සිදුව ඇති අතර, තලේබාන් රජයේ ආරංචි මාර්ග පවසන පරිදි භූකම්පනයෙක් ගම්මාන කිහිපයක් මුළුමනින් ම විනාශ වී තිබෙනවා.
කිලෝමීටර් 08ක (සැතපුම් 06ක) ගැඹුරකින් හටගත් මෙම භූකම්පන තත්ත්වය කාබුල් සිට පාකිස්ථාන අගනුවරවන ඉස්ලාමාබාද් දක්වා බලපෑම් එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මිය ගිය සහ තුවාල ලබා ඇති සංඛ්‍යාව වෙනස් විය හැකි බවත්, බලපෑමට ලක් වූ ප්‍රදේශයේ දුරස්ථභාවය හේතුවෙන් ජාත්‍යන්තර ආධාර සංවිධානවලට ඒ වෙත ළඟා වීමට දුෂ්කර වී තිබෙනවා.