රුසියාවෙන් පිළිකා එන්නතක්: භාවිතයට සූදානම් බවට නිල ප්‍රකාශයක්

පිළිකා ප්‍රතිකාර සඳහා වැඩිදියුණු කළ නව එන්නතක් භාවිතයට සූදානම් බව රුසියාව නිවේදනය කර තිබෙනවා. මෙම එන්නතට අදාළ පූර්ව සායනික අත්හදා බැලීම් සාර්ථක වී ඇති බවට

මිතුරන් සමග බෙදාගන්න

පිළිකා ප්‍රතිකාර සඳහා වැඩිදියුණු කළ නව එන්නතක් භාවිතයට සූදානම් බව රුසියාව නිවේදනය කර තිබෙනවා. මෙම එන්නතට අදාළ පූර්ව සායනික අත්හදා බැලීම් සාර්ථක වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

රුසියානු ෆෙඩරල් වෛද්‍ය හා ජීවවිද්‍යා ඒජන්සියේ ප්‍රධානී වෙරෝනිකා ක්වොටොසොවා මහත්මිය පවසන්නේ, මෙම එන්නත ආරක්ෂිත සහ ප්‍රබල ලෙස ක්‍රියා කරන බව පූර්ණ සායනික අත්හදා බැලීම්වලින් සනාථ වී ඇති බවයි. ඇය නැගෙනහිර ආර්ථික සංසදයේදී අදහස් දක්වමින් කියා සිටියේ, එන්නත භාවිතයට මුදාහැරීම සඳහා අවශ්‍ය නිල අවසරය අපේක්ෂාවෙන් පසුවන බවයි.

‘Enteromix’ ලෙස දැනට හඳුන්වන මෙම එන්නත, කොවිඩ් එන්නතක් ලෙස භාවිත කළ mRNA තාක්ෂණයම උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර තිබෙනවා. පර්යේෂණවලදී පිළිකා ගැටිතිවල ප්‍රමාණය අඩු කිරීමටත්, ඒවායේ වර්ධන වේගය අඩාල කිරීමටත් 60% සිට 80% දක්වා හැකියාවක් පවතින බව සනාථ වී ඇති බව ක්වොටොසොවා මහත්මිය පෙන්වා දුන්නා. කෙසේ වෙතත්, එන්නතේ බලපෑම පිළිකා වර්ගය අනුව වෙනස් වන බවද ඇය සඳහන් කළා.

මෙම නව එන්නත ආක්‍රමණශීලී පිළිකා වලට එරෙහිව සටන් කිරීමට සහ ඒවා වැළැක්වීමට අනාගතයේදී මහත් බලාපොරොත්තුවක් විය හැකි බව පර්යේෂකයෝ විශ්වාස කරති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්