සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලිය ඇෆ්ගනිස්තානයට ජයග්‍රාහී ආරම්භයක්

ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී හොංකොං කණ්ඩායම පරදා ලකුණු 94ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත් වුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ

මිතුරන් සමග බෙදාගන්න

ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී හොංකොං කණ්ඩායම පරදා ලකුණු 94ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත් වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වූ මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 188ක් රැස් කළා. එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Sediqullah Atal නොදැවී ලකුණු 73ක් සහ Azmatullah Omarzai ලකුණු 53ක් ලබා ගත්තා.

ලකුණු 189ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය හොංකොං කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 94ක් පමණයි. මේ අනුව, ඇෆ්ගනිස්තානය ලකුණු 94ක විශාල ජයග්‍රහණයක් වාර්තා කළා.

මෙම තරගාවලියේ A කාණ්ඩය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව අතර තරගය අද පැවැත්වීමට නියමිතයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්