ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සංවිධායකයින් විසින් ඓතිහාසික නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත හයවන LPL අදියර සඳහා ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සහභාගී වීමට නියමිත බවයි.
මෙය LPL ඉතිහාසයේ පළමු වතාවට වත්මන් ඉන්දීය සංචිතයේ ක්‍රීඩකයින් විදෙස් ලීගයක් සඳහා සහභාගී වන අවස්ථාව වීම විශේෂත්වයකි
මීට පෙර LPL තරගාවලි සඳහා සහභාගී වූයේ ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයින් පමණි.
ඒ සඳහා හේතුව වූයේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් ඉන්දීය සංචිත ගත හෝ IPL සඳහා ක්‍රීඩා කරන කිසිදු ක්‍රීඩකයෙකුට ලෝකයේ වෙනත් ක්‍රිකට් ලීගයක් සඳහා සහභාගී වීමට අවසර ලබා නොදීමයි. LPL සංවිධායකයින්ගේ මෙම නව නිවේදනයත් සමඟ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ එම දැඩි ප්‍රතිපත්තියේ වෙනසක් සිදුව ඇති බව පැහැදිලි වේ
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර දෙසැම්බර් 1 වනදා ආරම්භ වීමට නියමිතයි.
තරග සංවිධායකයින් පවසන්නේ, මෙම තරගාවලිය එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස ඉතා වැදගත් වනු ඇති බවයි.
මෙම අදියරට ලීග් තරග 20ක් සහ පිළිමළුන් පිටුදැකීමේ තරග 4ක් ඇතුළුව මුළු තරග 24ක් ඇතුළත් වේ. තරග පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ වන්නේ:
- කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
- මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
- රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
ඉන්දීය ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය LPL තරගාවලියට අතිරේක ජාත්‍යන්තර අවධානයක් සහ උසස් තරගකාරිත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.