කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තීරණාත්මක තරගයක් අද (ඔක්තෝබර් 11) දින පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද තරඟ වදින්නේ ප්‍රබල එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟිනි.
- වේලාව: පස්වරු 3.00 ට
- ස්ථානය: කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරගවල ප්‍රතිඵල අනුව, ඉන්දියාව සමඟ පැවති තරගයෙන් පරාජයට පත් විය.
එමෙන්ම, ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගය අයහපත් කාලගුණය (වර්ෂාව) හේතුවෙන් අත්හැර දැමීමට සිදු වූ අතර, ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ලකුණ බැගින් හිමි විය.
ලෝක කුසලානයේ ඉදිරියට යෑමේ බලාපොරොත්තු රඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙම එංගලන්ත තරගය ජයග්‍රහණය අත්‍යවශ්‍ය වේ.