පාකිස්තාන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක අමීර් ජමාල් හට ඔහුගේ අලුත උපන් දියණිය අහිමි වීමේ ශෝකජනක පුවත වාර්තා වේ.
ජමාල් සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් මෙම කනගාටුදායක පුවත ප්‍රකාශ කර තිබේ.
සිය මියගිය දියණියගේ අතින් අල්ලාගත් සංවේදී ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති ජමාල්ගේ සටහනට, ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගෙන් සහ ක්‍රිකට් ප්‍රජාවගෙන් දැඩි අවධානයක් සහ ශෝකය පළකිරීම් ලැබී ඇත.
ජමාල් හට සහ ඔහුගේ පවුලේ අයට මෙම දුෂ්කර අවස්ථාවේදී බොහෝ දෙනාගේ අනුකම්පාව සහ සහයෝගය පළවෙමින් තිබේ.