සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ඉන්දු – පකිස්ථාන ගැටුමට පකිස්ථාන රජයෙන් නිල අනුමැතිය

2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම උණුසුම් තරගය ලෙස සැලකෙන ඉන්දියා – පකිස්ථාන ගැටුම සඳහා සහභාගී වීමට පකිස්ථාන රජය එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට නිල

මිතුරන් සමග බෙදාගන්න

2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම උණුසුම් තරගය ලෙස සැලකෙන ඉන්දියා – පකිස්ථාන ගැටුම සඳහා සහභාගී වීමට පකිස්ථාන රජය එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට නිල වශයෙන් අවසර ලබා දී තිබේ.

ඒ අනුව, නියමිත කාලසටහනට අනුව ලබන පෙබරවාරි 15 වනදා පකිස්ථාන කණ්ඩායම ඉන්දියාවට එරෙහිව පිටියට පිවිසෙනු ඇත.

මෙම තීරණයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා අතර ඊයේ (09) විශේෂ දුරකථන සංවාදයක් පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සලකා, ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තීරණාත්මක තරගයට පකිස්ථාන කණ්ඩායම සහභාගී කරවන ලෙසයි.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් පීඩා විඳි අසීරු සමයේ, අනෙකුත් රටවල් මෙරට සංචාරය කිරීම ප්‍රතික්ෂේප කරද්දී පවා පකිස්ථානය සිය කණ්ඩායම් එවමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමට ලබාදුන් සහය ජනාධිපතිවරයා මෙහිදී ගෞරවයෙන් සිහිපත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම සුහදශීලී ඉල්ලීම පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගෙන ඇති අතර, පකිස්ථානය අසීරු අවස්ථාවලට මුහුණ දුන් සෑම විටකම ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගය ද ඔහු අගය කර ඇත.

මෙම රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයෙන් පසුව, පකිස්ථාන රජය සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් තහවුරු කළේ නියමිත පරිදි පෙබරවාරි 15 වනදා ඉන්දියාව සමඟ තරග වැදීමට තම කණ්ඩායම සූදානම් බවයි.

මෙම පුවතත් සමඟ ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දැන් පෙබරවාරි 15 වනදා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මෙම මහා තරගය වෙත යොමුව තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්