ලබන පෙබරවාරි 17 වන අඟහරුවාදා සිට 20 වන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කරයි. කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙරවරු 9.30 සිට 11.30 දක්වා කාලය වෙන් කර ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සහ ස්ථාවර නියෝග යටතේ සිදුකරන මූලික කටයුතු සඳහාය.
එදින පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ වඩාත් කතාබහට ලක්වන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ.
අනතුරුව, පවතින මැතිවරණ නීති සමාලෝචනය කර නව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව ද අනුමැතිය සඳහා එදින ඉදිරිපත් කිරීමට නියමිතය.
බදාදා දිනය වෙන් කර ඇත්තේ මූල්‍ය සහ ප්‍රවාහන ක්ෂේත්රයේ නියෝග කිහිපයක් සඳහාය:
විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන්.රේගු ආඥාපනතේ අතිවිශේෂ ගැසට් පත්‍රයක සඳහන් යෝජනා සම්මතයන්.මෝටර් වාහන පනත යටතේ ඉදිරිපත් කර ඇති නව නියෝග දෙකක්.
එදින පස්වරු 5.00 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනේ.
බ්‍රහස්පතින්දා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා වැදගත් සංශෝධන පනත් දෙකක් විවාදයට ගැනීමට නියමිතය:
සතියේ අවසන් දිනය වන සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පූර්ණ කාලය විපක්ෂය විසින් ඉදිරිපත් කරන යෝජනාවකට වෙන් කර ඇත. “බලශක්ති ක්ෂේත්රයේ පවතින ගැටලු” සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය එදින පැවැත්වීමට එකඟතාව පළ වී තිබේ.