එළඹෙන පෙබරවාරි 15 වන ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පාකිස්ථානය අතර තීරණාත්මක විස්සයි-20 තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව තහවුරු කළේය.
පස්වරු 07.00 ට ආරම්භ වීමට නියමිත මෙම උණුසුම් තරගය නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන් සඳහා පොලිසිය විසින් විශේෂ දැනුම්දීම් කිහිපයක් නිකුත් කර ඇත:
ප්‍රේක්ෂකයින් සඳහා ක්‍රීඩාංගණයේ දොරටු පස්වරු 03.00 සිට විවෘතව තැබේ.
අවසාන මොහොතේ ඇතිවිය හැකි තදබදය සහ ආරක්ෂක පරීක්ෂාවන් සඳහා ගතවන කාලය සැලකිල්ලට ගෙන, හැකි ඉක්මනින් ක්‍රීඩාංගණය වෙත පැමිණෙන ලෙස පොලිසිය ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි.
ලොව පුරා අවධානය දිනාගත් මෙම තරගය වෙනුවෙන් ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, රථවාහන තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග සහ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වනු ඇත. මේ හේතුවෙන් එදින සවස් කාලයේදී ක්‍රීඩාංගණය අවට මාර්ග භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලිසිය උපදෙස් දෙයි.