සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

ඉන්දු – පාකිස්ථාන මහා සටනින් ඉන්දියාවට ලකුණු 61ක විශිෂ්ඨ ජයක්

2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ වඩාත් උණුසුම්ම සහ ආන්දෝලනාත්මක තරගය වූ ඉන්දියාව සහ පාකිස්ථානය අතර සටනින් ලකුණු 61ක ජයක් වාර්තා කිරීමට අද (15) ඉන්දීය

මිතුරන් සමග බෙදාගන්න

2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ වඩාත් උණුසුම්ම සහ ආන්දෝලනාත්මක තරගය වූ ඉන්දියාව සහ පාකිස්ථානය අතර සටනින් ලකුණු 61ක ජයක් වාර්තා කිරීමට අද (15) ඉන්දීය කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලකුණු 176ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය පාකිස්ථානුවන්ට පන්දුවාර 18ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 114ක් පමණි.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබාගත්තේය.

ඉෂාන් කිෂාන්: පන්දු යවන්නන්ට නිර්භයව පහර දෙමින් ලකුණු 77ක් රැස් කළේය. සූර්යකුමාර් යාදව්: නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 32ක් රැස් කළේය. ශිවම් ඩුබේ සහ තිලක් වර්මා: පිළිවෙළින් ලකුණු 27ක් සහ 25ක් ලබාගනිමින් ඉනිම ශක්තිමත් කළහ. පාකිස්ථානය වෙනුවෙන් පන්දු යැවීමේදී සයිම් අයුබ් කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට ආරම්භයේ සිටම ඉන්දීය පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ දැඩි පීඩනයකි. ඔවුන්ගේ මැද පෙළ බිඳ වැටීම ජයග්‍රහණය ඉන්දියාව දෙසට හැරවීමට ප්‍රධාන හේතුව විය.

උස්මාන් ඛාන් ලකුණු 44ක් සහ පසුපෙළ පිතිකරු ෂහීන් ෂා අෆ්රිඩි නොදැවී ලකුණු 23ක් රැස් කළහ. ෂඩාබ් ඛාන් (14) සහ ෆහීම් අෂ්රෆ් (10) හැරුණු විට සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව ඉක්මවා යාමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ නොදුන්හ.

ජස්ප්‍රිත් බුම්රා, හර්දික් පාණ්ඩ්‍යා, වරුන් චක්‍රවර්ති සහ අක්ෂර් පටෙල් කඩුලු 2 බැගින් දවාගනිමින් පාකිස්ථාන ඉනිම සුනුවිසුනු කළහ. කුල්දීප් යාදව් සහ තිලක් වර්මා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්