සිරස්තල
විදේශීය දුම්වැටි 12,000ක් සමඟ ගම්පොළ පුද්ගලයෙකු කටුනායකදී කොටු වෙයි අමෙරිකාවේ පාසල් හොකී තරගයක් අතරතුර වෙඩි තැබීමක් පැතුම්ගේ ඓතිහාසික ශතකයෙන් ඔස්ට්‍රේලියාව පරදී, ශ්‍රී ලංකාව ලෝක කුසලාන ‘සුපිරි 8’ වටයට සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ, කාලසටහන ගැන විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක් සුපිරි 8 සිහිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව අද ප්‍රබල ඔස්ට්‍රේලියාවට එරෙහිව පල්ලෙකැලේදී සටනට ඉන්දු – පාකිස්ථාන මහා සටනින් ඉන්දියාවට ලකුණු 61ක විශිෂ්ඨ ජයක් රුපියල් කෝටි 16ක ‘කුෂ්’ සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙක් කටුනායකදී දැලේ මන්නාරම් මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා දැලට ජූලි සිට සැප්තැම්බර් දක්වා දැවැන්ත විදුලි අර්බුදයක අවදානමක් ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

පැතුම්ගේ ඓතිහාසික ශතකයෙන් ඔස්ට්‍රේලියාව පරදී, ශ්‍රී ලංකාව ලෝක කුසලාන ‘සුපිරි 8’ වටයට

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (16) රාත්‍රියේ පැවති තීරණාත්මක තරගයෙන් ප්‍රබල ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම, මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ “සුපිරි

මිතුරන් සමග බෙදාගන්න

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (16) රාත්‍රියේ පැවති තීරණාත්මක තරගයෙන් ප්‍රබල ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම, මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ “සුපිරි 8” වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

පැතුම් නිස්සංකගේ විශිෂ්ඨ ශතකය සහ පන්දු යවන්නන්ගේ දක්ෂතාව මෙම ජයග්‍රහණයේ නියමුවා බවට පත්වුණි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් වූ ට්‍රැවිස් හෙඩ් (56) සහ මිචෙල් මාෂ් (54) පන්දු 51කදී ලකුණු 104ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් එල්ල කළහ.

කෙසේ වෙතත්, එක් අවස්ථාවක කිසිවෙකු නොදැවී ලකුණු 104ක් ලබා සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 10ම ලකුණු 77ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

දුෂාන් හේමන්ත: කඩුලු 3ක්, දුෂ්මන්ත චමීර: කඩුලු 2ක්.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර 20 අවසානයේ ලකුණු 181කට සීමා විය.

ලකුණු 182ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් ජනිත් (01) ඉක්මනින් අහිමි වුවද, පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් (51) දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක සබඳතාවක් ගොඩනැගූහ.

පැතුම් නිස්සංකගේ ඉනිම, හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමග නොදැවී ලකුණු 100කට අධික සංඛ්‍යාවක්. මෙවර ලෝක කුසලානයේ වාර්තා වූ පළමු ශතකය.

මහේල ජයවර්ධනට පසුව ලෝක කුසලානයකදී ශතකයක් රැස් කළ එකම ශ්‍රී ලාංකිකයා. 2014න් පසු ලෝක කුසලානයකදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පිතිකරුවෙකු රැස් කළ පළමු ශතකය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළ අතර, මෙම ජයග්‍රහණය වාර්තා කිහිපයක් අලුත් කළේය,විස්සයි-20 ලෝක කුසලානයකදී ඔස්ට්‍රේලියාව පරාජය කළේ වසර 17කට පසුවය. ශ්‍රී ලංකාව මව්බිමේදී සහ ලෝක කුසලානයකදී හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වේ.

පන්දු යවමින් සිටියදී මතීෂ පතිරණ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ අතර අද ඔහු ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය.

මෙම පරාජයත් සමඟ ඔස්ට්‍රේලියාවට සුපිරි 8 වටයට යාමට නම්, අද පැවැත්වෙන අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතර තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය විය යුතුය.

තරගයේ වීරයා ලෙස පැතුම් නිස්සංක සම්මානය දිනාගත් අතර, නායක දසුන් ශානක ක්‍රීඩාංගණයට පැමිණි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට සිය කෘතඥතාව පළ කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්