වසර 14ක ශාපය නිමා කරන්න සිංහයෝ සැරසෙති

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක සුපිරි 08 දෙනාගේ (Super 8) වටයට අවතීර්ණ වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) ප්‍රබල එංගලන්තයට එරෙහිව පිටියට

මිතුරන් සමග බෙදාගන්න

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක සුපිරි 08 දෙනාගේ (Super 8) වටයට අවතීර්ණ වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) ප්‍රබල එංගලන්තයට එරෙහිව පිටියට පිවිසෙයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ආරම්භ වීමට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණි.

අද පස්වරුවේ මධ්‍යම පළාතට වැසි සහිත කාලගුණයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණද, ක්‍රිකට් ලෝලීන්ගේ උද්‍යෝගයේ අඩුවක් දක්නට නැත. මේ වන විටත් විශාල ප්‍රේක්ෂක පිරිසක් තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණය වෙත රොක් වෙමින් සිටිති.

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය දෙස බැලීමේදී ශ්‍රී ලංකාවට එංගලන්තය හමුවේ ඇත්තේ එතරම් සුබදායක වාර්තාවක් නොවේ.

ඒ අනුව, වසර 14ක් තිස්සේ ලෝක කුසලාන පිටියේදී එංගලන්තය හමුවේ අඛණ්ඩව අත්විඳි පරාජ රැල්ල නතර කරමින්, මව්බිමේදී ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීම චරිත් අසලංක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ අද දින ප්‍රධාන ඉලක්කය වී තිබේ.

මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය සහ කණ්ඩායම් දෙකේ සංයුතිය පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීමට අප සමඟ දිගටම රැඳී සිටින්න.

වෙනත් පුවත්

උණුසුම් පුවත්