සිරස්තල
අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි ඊශ්‍රායලයෙන් ලෙබනනයට මාරක ප්‍රහාරයක් නේටෝවෙන් ඉවත් වීමේ සූදානමක්? ට්‍රම්ප් සහ නේටෝ ප්‍රධානී හමුව උණුසුම් වෙයි

කෙරවලපිටිය කසළ අංගනයේ හදිසි ගින්නක්

මුතුරාජවෙල, කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි කසළ අංගනයක අද හදිසි ගින්නක් හටගෙන තිබේ. කසළ කන්දේ එක් ප්‍රදේශයකින් ආරම්භ වූ මෙම ගින්න මේ වන විට පැතිර යමින් පවතින

මිතුරන් සමග බෙදාගන්න

මුතුරාජවෙල, කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි කසළ අංගනයක අද හදිසි ගින්නක් හටගෙන තිබේ. කසළ කන්දේ එක් ප්‍රදේශයකින් ආරම්භ වූ මෙම ගින්න මේ වන විට පැතිර යමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

හටගෙන ඇති ගින්න පාලනය කර තවදුරටත් පැතිරයාම වැළැක්වීම සඳහා ගිනි නිවන ඒකකය විසින් වහාම ක්‍රියාත්මක වී ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට පිටත් කර යවා ඇත. ගින්න හේතුවෙන් ප්‍රදේශය පුරා ඝන දුමාරයක් පැතිර යමින් පවතින අතර, එය මැඩපැවැත්වීම සඳහා දැඩි උත්සාහයක නිරත වන බව ගිනි නිවන නිලධාරීන් ප්‍රකාශ කළේය.

කසළ කන්දේ පවතින මීතේන් වායුව සහ වියළි කාලගුණය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිරීමේ අවදානමක් පවතින අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්