ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කරගනිමින්, ගෙවුණු පෙබරවාරි මාසය තුළ පමණක් මෙරටට සංචාරකයින් 279,328 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිවේදනය කරයි. මෙය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 16.2%ක සැලකිය යුතු වර්ධනයකි.
නවතම දත්ත වාර්තාවලට අනුව, පෙබරවාරි මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 47,679ක් වන අතර එය සමස්ත පැමිණීම්වලින් 17%ක් නියෝජනය කරයි. මීට අමතරව එක්සත් රාජධානියෙන් 30,788ක්, රුසියාවෙන් 23,099ක්, ජර්මනියෙන් 22,566ක්, චීනයෙන් 20,180ක් සහ ප්‍රංශයෙන් 17,174ක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.
2026 වසරේ මුල් මාස දෙක (ජනවාරි සහ පෙබරවාරි) සැළකිල්ලට ගත් විට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 556,655කි. වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් ඉන්දියාවෙන් (99,740) වාර්තා වන අතර, එක්සත් රාජධානිය (60,328) සහ රුසියාව (50,233) පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවේ.