සිරස්තල
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

ලෝක තෙල් මිල ඉතිහාසගත වෙයි, බැරලයක මිල ඩොලර් 120 සීමාව අද්දරට

ගෝලීය දේශපාලනික අස්ථාවරත්වය සහ මැදපෙරදිග යුද උණුසුම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (09) පෙර නොවූ විරූ අයුරින් ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන

මිතුරන් සමග බෙදාගන්න

ගෝලීය දේශපාලනික අස්ථාවරත්වය සහ මැදපෙරදිග යුද උණුසුම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (09) පෙර නොවූ විරූ අයුරින් ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙය තෙල් මිල ඉතිහාසයේ එක් දිනක් තුළ වාර්තා වූ ඉහළම මිල වැඩිවීම ලෙස සැලකේ.

ඒ අනුව, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ප්‍රධාන තෙල් දර්ශකයක් වන බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 119.50ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි (WTI) බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 119.48ක් ලෙස සටහන් වී තිබීම විශේෂත්වයකි.

බලශක්ති විශේෂඥයන් පෙන්වා දෙන්නේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් සැපයුම් දාමයට එල්ල වී ඇති බාධා සහ ප්‍රධාන නාවික මාර්ග අවහිර වීම මෙම ශීඝ්‍ර මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි ආනයනික ඉන්ධන මත යැපෙන රටවලට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්