සිරස්තල
ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ

“පාස්කු පරීක්ෂණ දේශපාලන න්‍යාය පත්‍ර අනුව මෙහෙයවන්න එපා” – නාමල් රාජපක්ෂගෙන් රජයට විවේචනයක්

2019 පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජය සිදුකරන විමර්ශන, දේශපාලන පළිගැනීම් හෝ භූ-දේශපාලන අවශ්‍යතා මත පදනම් වූ න්‍යාය පත්‍රයකට යොමු නොකළ

මිතුරන් සමග බෙදාගන්න

2019 පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජය සිදුකරන විමර්ශන, දේශපාලන පළිගැනීම් හෝ භූ-දේශපාලන අවශ්‍යතා මත පදනම් වූ න්‍යාය පත්‍රයකට යොමු නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. සිය X (ට්විටර්) ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ, වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු දී බලයට පත් වූ රජය මේ වන විට එම පරීක්ෂණවල විශ්වාසනීයත්වය පළුදු කරගනිමින් සිටින බවයි.

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ කුමන්ත්‍රණකරුවන් හෙළි කරගෙන ඔවුන්ට දඬුවම් දිය යුතු බව තමා පිළිගන්නා අතරම, ඒ සඳහා පක්ෂපාතීත්වයෙන් තොර විනිවිද පෙනෙන විමර්ශනයක් අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි. එහෙත් වත්මන් විමර්ශන ප්‍රගතිය දෙස බලන විට, රජය සිය පොරොන්දු ඉටුකරන්නේ ද යන්න පිළිබඳ බරපතළ සැකයක් මතු වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දැක්වීය. ඔහු පෙන්වා දෙන්නේ සුරේෂ් සලේ යනු දශක තුනක ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා විශාල මෙහෙවරක් කළ ගෞරවනීය නිලධාරියෙකු බවයි. එවැනි නිලධාරියෙකු දේශපාලන වුවමනාවන් මත නිර්මාණය කළ ව්‍යාජ මත ඔස්සේ ඉලක්ක කිරීම යුක්ති සහගත නොවන බව ඔහුගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරි බවට නිල කොමිෂන් සභා වාර්තා මගින් හඳුනාගත් පුද්ගලයන් පිළිබඳව විමර්ශන සිදු නොවීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා රජයට චෝදනා කළේය. එවැනි පුද්ගලයන් වර්තමාන රජය සමඟ එක්ව උසස් තනතුරු ලබා සිටින අතරතුර, සුරේෂ් සලේ මහතා වැනි පිරිස් පමණක් වෙන් කර ඉලක්ක කිරීම හරහා විමර්ශනවල අපක්ෂපාතීත්වය ගිලිහී යන බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සිය සටහනින් පෙන්වා දී තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්