සිරස්තල
නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි, පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි

ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී

පසුගිය පැය කිහිපය තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සියයට 9ක අගයකින් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මේ සමඟ බ්‍රෙන්ට් (Brent)

මිතුරන් සමග බෙදාගන්න

පසුගිය පැය කිහිපය තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සියයට 9ක අගයකින් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මේ සමඟ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල නැවත වරක් අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇත.

මැදපෙරදිග කලාපයේ නෞකා සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් දියත් කරන ලද නව ප්‍රහාර මාලාව මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා තිබේ. මෙම තත්ත්වයත් සමඟ පසුගිය දින කිහිපය පුරා තෙල් මිලෙහි දක්නට ලැබුණු ස්ථාවර භාවය යළිත් බිඳ වැටී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

පසුගිය ඉරිදා බොරතෙල් බැරලයක මිල ඩොලර් 118ක උපරිම අගයක් සටහන් කළ අතර, ඊයේ (11) දිනය වන විට එය ඩොලර් 88.97 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී තිබුණි. එසේම පසුගිය 09 වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 90.52ක් ලෙසයි.

කෙසේ වෙතත්, වත්මන් යුද ගැටුම් ආරම්භ වීමට පෙර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් පැවතියේ ඩොලර් 70ක පමණ සාපේක්ෂව අඩු අගයකය. ඒ අනුව, වර්තමාන මිල ගණන් පූර්ව යුද සමයට වඩා තවමත් ඉහළ මට්ටමක පවතින අතර, කලාපීය නොසන්සුන්තාවය හමුවේ ඉදිරි දිනවලදී මිල ගණන් තවදුරටත් උච්චාවචනය වනු ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්