සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී

අමෙරිකානු ගුවන් හමුදාවට අයත් ‘Boeing KC-135 Stratotanker’ වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක් ඉරාක දේශ සීමාව තුළදී අනතුරට ලක්ව තිබේ. ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා සහාය වෙමින්

මිතුරන් සමග බෙදාගන්න

අමෙරිකානු ගුවන් හමුදාවට අයත් ‘Boeing KC-135 Stratotanker’ වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක් ඉරාක දේශ සීමාව තුළදී අනතුරට ලක්ව තිබේ. ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා සහාය වෙමින් සිටියදී මෙම යානය කඩාවැටී ඇති අතර, එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනෙකු බේරාගැනීම සඳහා වන මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය තහවුරු කරයි.

මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ, මෙය සතුරු ප්‍රහාරයක් හෝ අත්වැරදීමකින් තමන් අතින්ම එල්ල වූ ප්‍රහාරයක් නොවන බවයි. එහෙත් අමෙරිකාවේ එම ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් ඉරානයට හිතවත් සන්නද්ධ කණ්ඩායමක් වන ‘The Islamic Resistance in Iraq’ සංවිධානය මෙම යානය බිම හෙළීමේ වගකීම භාරගෙන තිබේ.

එම සන්නද්ධ කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, තම රටේ ගුවන් අවකාශය සහ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අදාළ අමෙරිකානු යානයට වෙඩි තබා බිම හෙළූ බවයි. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යානය කඩාවැටුණු බවට අමෙරිකාව පවසන පසුබිමක, සන්නද්ධ කණ්ඩායම විසින් සිදුකළ මෙම ප්‍රකාශයත් සමඟ කලාපීය ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වී තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්