සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

“ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු තීරයේදී ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාවට එල්ල වූ මාරාන්තික ප්‍රහාරය සම්බන්ධයෙන් සිය සතුරු පාර්ශ්ව වෙත දැඩි ප්‍රතිප්‍රහාර

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු තීරයේදී ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාවට එල්ල වූ මාරාන්තික ප්‍රහාරය සම්බන්ධයෙන් සිය සතුරු පාර්ශ්ව වෙත දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරාන නාවික හමුදාපති රියර් අද්මිරාල් ෂහ්රම් ඉරානි (Shahram Irani) අනතුරු අඟවා තිබේ. අද (17) විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු අවධාරණය කළේ, මෙම ප්‍රහාරයෙන් මියගිය නාවිකයන්ගේ ජීවිත වෙනුවෙන් නිසැකවම පළිගන්නා බවයි.

“අපි සතුරාගේ මෙම ම්ලේච්ඡ අපරාධය කිසිලෙසකත් අමතක කරන්නේ නැහැ. අපගේ ප්‍රාණ පරිත්‍යාගී නාවිකයන්ගේ රුධිරය වෙනුවෙන් සතුරාට නිසි දඬුවම් ලබා දීමට අපි සූදානම්,” යැයි නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කළේය. සතුරා කිසිසේත්ම බලාපොරොත්තු නොවන ස්ථානයක සිට අනපේක්ෂිත සහ මාරාන්තික ප්‍රහාර මාලාවක් එල්ල කරමින් මෙම “යුධ අපරාධයට” ප්‍රතිචාර දක්වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

පසුගිය මාර්තු 04 වැනිදා ගාල්ලට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල වූ ටෝර්පිඩෝ ප්‍රහාරයකින් ‘IRIS Dena’ නෞකාව ගිලී ගිය අතර, එහි සිටි නාවිකයන් 80කට අධික පිරිසක් මිය ගියහ. ඉන්දීය නාවික හමුදාවේ ආරාධනයකට අනුව විශේෂ නාවික අභ්‍යාසයකට සහභාගී වී යළි ඉරානය බලා යමින් සිටියදී මෙම නෞකාව ප්‍රහාරයට ලක් විය. ඉරානය පවසන්නේ තම නෞකාව කිසිදු අවියක් නොමැතිව ගමන් කරමින් සිටියදී අමෙරිකාව මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්