සිරස්තල
සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි

“බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක්

තම රටේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් නැවත ප්‍රහාර එල්ල වුවහොත්, අමෙරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ මිත්‍ර රටවල පිහිටි සියලුම තෙල් හා ගෑස් මධ්‍යස්ථාන සහමුලින්ම

මිතුරන් සමග බෙදාගන්න

තම රටේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් නැවත ප්‍රහාර එල්ල වුවහොත්, අමෙරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ මිත්‍ර රටවල පිහිටි සියලුම තෙල් හා ගෑස් මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරන බවට ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ඉරාන වායු නිධි වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය දැනටමත් කලාපයේ සතුරු පාර්ශ්වයන්ට හිතවාදී රටවල තෙල් නිධි වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් වාර්තා සනාථ කරයි.

ඉරාන හමුදා මධ්‍යම විධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ඉරානයේ බලශක්ති පද්ධතියට පහර දීම හරහා සතුරා දැවැන්ත උපායමාර්ගික වැරැද්දක් සිදු කර ඇති බවයි. මෙම ප්‍රහාරාත්මක ක්‍රියාවලිය නැවත වරක් සිදුවුවහොත්, සතුරාගේ සහ ඔවුන්ට සහය දක්වන රටවල බලශක්ති ජාලයන් සම්පූර්ණයෙන්ම අක්‍රිය වන තෙක් ඉරාන ප්‍රහාර නතර නොකරන බව ඔහු අවධාරණය කළේය.

ඉදිරියේදී එල්ල කිරීමට සැලසුම් කර ඇති ප්‍රතිප්‍රහාර මෙතෙක් එල්ල කළ ප්‍රහාරවලට වඩා බෙහෙවින් දරුණු සහ විනාශකාරී වනු ඇති බවට ද ඉරානය අනතුරු අඟවයි. මෙම තත්ත්වය හමුවේ ගෝලීය බලශක්ති සැපයුමට දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතින අතර, මැදපෙරදිග කලාපය දැඩි යුධමය උණුසුමක පවතින බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්