නිව්යෝර්ක්හි ලාගාඩියා (LaGuardia) ගුවන්තොටුපොළේ ගුවන් පථය ආසන්නයේදී මගී ගුවන් යානයක් ට්‍රක් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. එයාර් කැනඩා (Air Canada) සමාගමට අයත් මෙම යානය අනතුරට ලක්වන අවස්ථාවේදී එහි මගීන් සිට ඇති නමුත්, වාසනාවකට මෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ හානි සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යානය ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වන අවස්ථාවේදී මෙම ගැටීම සිදුව ඇති අතර, එම අවස්ථාවේ යානය අවම වේගයකින් ගමන් කරමින් තිබීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි වී තිබේ. කෙසේ වෙතත්, අනතුර හේතුවෙන් ගුවන් යානයට සහ ට්‍රක් රථයට යම් හානි සිදුව ඇති බව වාර්තා වේ.
මෙම හදිසි තත්ත්වයත් සමඟ ආරක්ෂක පියවරක් ලෙස ලාගාඩියා ගුවන්තොටුපොළේ සියලුම මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති අතර, ගුවන් ගමන් යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.