සිරස්තල
කෝටි 10ක “කුෂ්” මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනෙකු කටුනායකදී කොටුවේv වෙනිසියුලා හිටපු ජනපති නිකොලස් මදුරෝ අද (26) නිව්යෝර්ක් අධිකරණය හමුවට ඉරාන මිසයිල ප්‍රහාර හමුවේත් USS ඒබ්‍රහම් ලින්කන් මෙහෙයුම් අඛණ්ඩව හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානය සැරසෙයි මැදපෙරදිග තීරණාත්මක සන්ධිස්ථානයක රටේ අවශ්‍යතාවයට වඩා 10%ක් වැඩිපුර ඉන්ධන ඇණවුම් කර අවසන් ඔස්ට්‍රේලියානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවෙන් ඇරයුම් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළට “ඉරානය සමඟ යුද්ධය දැනටමත් ජයගෙන අවසන්” – ජනපති ට්‍රම්ප්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක් ඉරානය සමඟ න්‍යෂ්ටික අවි නොදැරීමේ එකඟතාවකට එළඹෙන ලකුණු

මැදපෙරදිග තීරණාත්මක සන්ධිස්ථානයක

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය නිමා කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොන්දේසි 15කින් සමන්විත සටන් විරාම යෝජනාවලියක් ඊයේ (25) ඉදිරිපත් කළේය. ධවල මන්දිර මාධ්‍ය

මිතුරන් සමග බෙදාගන්න

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය නිමා කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොන්දේසි 15කින් සමන්විත සටන් විරාම යෝජනාවලියක් ඊයේ (25) ඉදිරිපත් කළේය. ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අවධාරණය කරන්නේ, ඉරානය මෙම සාම සැලැස්ම පිළිගැනීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට පෙර නොවූ විරූ මහා පරිමාණ ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

කෙසේ වෙතත්, අමෙරිකාවේ මෙම යෝජනා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරගච් විසින් සෘජුවම ප්‍රතික්ෂේප කර තිබේ. අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවකට සූදානම් නැති බව පවසන ඉරානය, තමන්ට සිදු වූ විනාශයට වන්දි ලබා දීම ඇතුළු ප්‍රති-කොන්දේසි 5ක් ඉදිරිපත් කර ඇත. මෙම ගැටුම ඊශ්‍රායලයේ අවශ්‍යතාවය මත අමෙරිකාව මෙහෙයවන යුද්ධයක් බවට ද ඉරාන විදේශ අමාත්‍යවරයා චෝදනා කරයි.

ඉරානයේ හමුදා ක්‍රියාමාර්ග පිළිබඳව කලාපීය රටවල් රැසක් සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, බහරේනය, කටාර් සහ ජෝර්දානය යන රටවල් ඉරානයේ ආක්‍රමණශීලී පිළිවෙත දැඩි ලෙස හෙළා දකින බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉදිරි චීන සංචාරය පිළිබඳව ද ධවල මන්දිරය තොරතුරු අනාවරණය කළේය. මැයි මස 14 සහ 15 යන දිනවල පැවැත්වීමට නියමිත එම සංචාරයට ප්‍රථම, එනම් තවත් සති 4ක් හෝ 6ක් ඇතුළත මැදපෙරදිග යුද්ධය අවසන් වනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරයි.

පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසන්නේ, මැදපෙරදිග ගැටුම් මේ වන විටත් පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවයි. ලෝකය මහා පරිමාණ ගෝලීය යුද්ධයක සමීපයටම පැමිණ ඇති බව පෙන්වා දෙන මහලේකම්වරයා, අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගෙන යන මෙම යුද්ධය නතර කිරීමට මෙය සුදුසුම කාලය බව අවධාරණය කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්