අමෙරිකානු ආරක්ෂක අංශ භාරයේ පසුවන වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අද (26) දෙවන වරටත් නිව්යෝර්ක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පසුගිය ජනවාරි මාසයේදී අමෙරිකාව දියත් කළ විශේෂ මෙහෙයුමකදී මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට පත් වූ අතර, ඔවුන් දැනට බෲක්ලින් බන්ධනාගාරයේ රඳවා සිටී.
හිටපු ජනාධිපතිවරයාට එරෙහිව බරපතළ චෝදනා හතරක් එල්ල වී ඇති අතර, ඒ අතර මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය සඳහා කුමන්ත්‍රණය කිරීම, බලපත්‍ර රහිත මැෂින් තුවක්කු සහ විනාශකාරී අවි ආයුධ සන්තකයේ තබා ගැනීම ප්‍රධාන වේ. කෙසේ වෙතත්, නිකොලස් මදුරෝ තමාට එල්ල වී ඇති මෙම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
ලෝක බලවතෙකු වූ වෙනිසියුලාවේ හිටපු රාජ්‍ය නායකයා මෙලෙස අමෙරිකානු අධිකරණයක් හමුවේ පෙනී සිටීම ජාත්‍යන්තර දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව ඇති කරුණකි. අද පැවැත්වෙන නඩු විභාගයේදී ඔහුට එරෙහිව ඉදිරිපත් වන සාක්ෂි සහ අධිකරණය ලබා දෙන තීන්දු තීරණ පිළිබඳව විදෙස් මාධ්‍ය විමසිල්ලෙන් පසුවෙයි.
මෙම නඩු විභාගය හේතුවෙන් වෙනිසියුලාව සහ අමෙරිකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් සංකීර්ණ වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.