ඩුබායි වරාය පරිශ්‍රයේ නවතා තිබූ කුවේට් රජයට අයත් දැවැන්ත බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව කුවේටය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් නෞකාවට සැලකිය යුතු හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී අදාළ නෞකාව බොරතෙල්වලින් පිරී තිබීම හේතුවෙන් එහි ඇතුළත දරුණු ගින්නක් හටගෙන ඇත. කෙසේ වෙතත්, වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සහ ගිනි නිවන ඒකක මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කර ඇති බව සඳහන් වේ.
ප්‍රහාරයෙන් නෞකාවට හානි සිදුවුවද, එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනාම කිසිදු අනතුරකින් තොරව ආරක්ෂිතව සිටින බව තහවුරු කර තිබේ. කිසිදු ජීවිත හානියක් වාර්තා නොවීම සහනදායී තත්ත්වයක් බව බලධාරීහු පවසති.
මෙම ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග මුහුදු සීමාවේ පවතින ආරක්ෂක තත්ත්වය තවදුරටත් දැඩි වී තිබේ. පර්සියානු ගල්ෆ් කලාපයේ බලශක්ති ප්‍රවාහනයට එල්ල වන මෙවැනි තර්ජන පිළිබඳව ලෝක බලවතුන්ගේ දැඩි අවධානය යොමු වී ඇත.