සිරස්තල
නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි, පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හමාස් දේශපාලන නායකයෙකු මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් පවසයි. ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ

මිතුරන් සමග බෙදාගන්න

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් පවසයි.

ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායකයෙකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ.

හමාස් සංවිධානය පවසා ඇත්තේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සලාහ් අල්-බර්ඩවීල් නම් අයෙකු සහ ඔහුගේ බිරිඳ වන බවය.

මේ අතර ගාසා තීරය වෙත ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරන බව ඊශ්‍රායලය අනතුරු අඟවා තිබුණි.

ඒ අනුව ඊශ්‍රායලය ගාසා තීරයේ තුර්කි – පලස්තීන මිත්‍රත්ව රෝහල ඉලක්ක කරමින් දැවැන්ත ගුවන්ප්‍රහාරයක් ද එල්ල කළේය.

විශේෂයෙන් පිළිකා රෝගීන් වෙනුවෙන් වෙන් වූ මෙම රෝහල සැලකෙන්නේ ගාසා තීරයේ විශාලතම රෝහල ලෙසය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගාසාහි සිටින සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් ප්‍රහාර දියත් කිරීම ඊශ්‍රායලයේ සැලසුම් වී ඇති බවය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්