හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ ඉරාන ධජය සහිත තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදාව සමත්ව තිබේ. අමෙරිකානු ප්‍රහාරක නෞකාවක් වන USS Spruance (DDG-111) මඟින් මෙම මෙහෙයුම සාර්ථකව සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද මෙම නාවික අවහිරය (Naval Blockade) ක්‍රියාත්මක වී අදට දින තුනක් ගතවන අතර, මේ වන විට ඉරානයෙන් පිටත් වූ නෞකා 10ක් පමණ මෙලෙස හරවා යැවීමට අමෙරිකානු බලධාරීන් කටයුතු කර ඇත.
මෙම නාවික අවහිරය සාර්ථක කර ගැනීම සඳහා අමෙරිකාව සතු දැවැන්ත යුද ශක්තියක් හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ස්ථානගත කර තිබේ. අමෙරිකානු හමුදා ප්‍රකාශ කරන පරිදි මෙම මෙහෙයුම සඳහා:
-
සෙබළුන් 10,000කට අධික පිරිසක්.
-
යුද නැව් 12කට වැඩි ප්‍රමාණයක්.
-
නිරීක්ෂණ සහ ප්‍රහාරක ගුවන් යානා රැසක් එක්කර තිබේ.
ලෝකයේ සමස්ත තෙල් ප්රවාහයෙන් 20%ක් පමණ සිදුවන හෝමුස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීම හරහා ඉරාන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කිරීම අමෙරිකාවේ ප්‍රධාන අරමුණ වී තිබේ. කෙසේ වෙතත්, ඉරානයට සම්බන්ධ නොවන වෙනත් රටවල නෞකා සඳහා මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට තවදුරටත් අවසර හිමිව පවතින බව වාර්තා වේ.
මෙම නාවික අවහිරයත් සමඟ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සැපයුම පිළිබඳව නව අර්බුදයක් මතුවෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහය අඩාල වීම ජාත්‍යන්තර තෙල් මිල ගණන් ඉහළ යාමට සෘජුවම බලපෑ හැකිය.