ඉහළ නැංවුණු විදුලි ගාස්තුවට සාපේක්ෂව ඉදිරියේදී ජල ගාස්තුව ද ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ නැංවීමට සිදුවන බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
කොළඹදී අද (02) පැවති පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජල බිල කෙරෙහි විදුලි ගාස්තු ඉහළ යාම බලපාන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා මෙලෙස ගණන් හිලව් සහිතව පැහැදිලි කළේය:
”විදුලි බිල ගත්තහම, සමස්ත ජල නිෂ්පාදන පිරිවැයෙන් විදුලිය සඳහා වැයවෙන්නේ 12%යි. මම හිතන්නේ ඒ 12%ක පංගුවෙන් 18%ක් තමයි මෙවර වැඩි වුණේ. කට්ටිය අහනවනේ ජල බිල වැඩි වෙනවද නැද්ද කියලා… ඒ අනුව 12%න් 18%ක් වන සුළු කොටස විතරයි ජල ඒකකයකට එකතු වෙන්න නියමිත. ඒ කියන්නේ ඉතාමත් සුළු මුදලක්. විදුලි බිල උච්චාවචනය වීම ජල බිලට බලපාන්නේ ඔන්න ඔය ක්‍රමයටයි.”
සිදුකිරීමට නියමිත මෙම සුළු ගාස්තු සංශෝධනය හේතුවෙන් පාරිභෝගිකයන්ට විශාල බරක් නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.