ජලය නොමැතිව සහරා කාන්තාරයේදී 49ක් පිපාසයෙන් මියයති

සහරා කාන්තාරය (Sahara Desert) හරහා නයිජීරියාව බලා ධාවනය වෙමින් තිබූ බඩු ප්‍රවාහන ට්‍රක් රථයක් හදිසි කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්, එහි ගමන් ගත් පුද්ගලයන් 49 දෙනෙකු

මිතුරන් සමග බෙදාගන්න

සහරා කාන්තාරය (Sahara Desert) හරහා නයිජීරියාව බලා ධාවනය වෙමින් තිබූ බඩු ප්‍රවාහන ට්‍රක් රථයක් හදිසි කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්, එහි ගමන් ගත් පුද්ගලයන් 49 දෙනෙකු දැඩි සූර්ය තාපය හමුවේ බීමට ජලය නොමැතිව පිපාසයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වාර්තා කරයි.

කාන්තාරයේ පවතින අධික උෂ්ණත්වය හමුවේ දින කිහිපයක් අතරමංව සිටි මෙම පිරිසගේ මළසිරුරු ඊයේ (05) දිනයේදී සහන සේවා කණ්ඩායම් විසින් සොයාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නයිජීරියානු (Nigeria) ජාතිකයන් පිරිසකි. ඔවුන් අසල්වැසි මාලි (Mali) රාජ්‍යයේ පැවැති විශේෂ සාම්ප්‍රදායික ආගමික උත්සවයකට සහභාගී වී, නැවත සිය මවුබිම බලා ට්‍රක් රථයකින් පැමිණෙමින් සිටියදී මෙම බිහිසුණු අනතුරට මුහුණ පා ඇත.

සහරා කාන්තාරයේ අතිශය දුෂ්කර කලාපයක් පසු කරමින් සිටියදී ට්‍රක් රථයේ එන්ජිම ක්‍රියාවිරහිත වී ඇති අතර, සන්නිවේදන පහසුකම් ද නොමැති වීම නිසා ඔවුන් සිරවී තිබේ. ලඟ තිබූ සීමිත ජල ප්‍රමාණය අවසන් වීමෙන් පසු අධික උෂ්ණත්වය (Dehydration) හේතුවෙන් ඔවුන් මෙලෙස මියගොස් ඇත.

කෙසේ වෙතත්, මෙම මහා විපතින් බේරීමට සමත් වූ අසාමාන්‍ය පුවතක් ද විදෙස් වාර්තාවල සඳහන් වේ. ට්‍රක් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයන් දෙදෙනෙකු, ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් රහසිගතව කාන්තාරය හරහා කිලෝමීටර් 50ක පමණ අතිවිශාල දුරක් පයින්ම ගමන් කර තිබේ.

නොනවත්වා ගමන් කළ ඔවුන් අවසානයේ නයිජර් දේශසීමාව ආසන්නයේ පිහිටි “අසමකා” (Assamaka) නම් හුදකලා කාන්තාර නගරය වෙත ළඟා වීමට සමත්ව ඇත. එහි සිටි සහන සේවා නිලධාරීන්ට මෙම අනතුර පිළිබඳව මුලින්ම තොරතුරු වාර්තා කර ඇත්තේ සිය ජීවිත බේරාගත් මෙම සුවිශේෂී පුද්ගලයන් දෙදෙනා විසිනි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්