සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ මව ද විරෝධතාවට එක්වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට සිදුකරන බව කියන අමානුෂික සැලකීම්වලට එරෙහිව සංවිධානය

මිතුරන් සමග බෙදාගන්න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට සිදුකරන බව කියන අමානුෂික සැලකීම්වලට එරෙහිව සංවිධානය කළ විශේෂ සත්‍යග්‍රහ ව්‍යාපාරය අද (08) දින ද පෙරවරුවේ සිට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අඛණ්ඩව පැවැත්විණි.

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක මූලිකත්වයෙන් සහ දේශපාලන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

අද පෙරවරුවේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැඩි උණුසුම් මුහුණුවරකින් ආරම්භ වූ මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය පැවැත්වෙන ස්ථානය වෙත විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ ආදරණීය මව ද පැමිණ සිටීම මාධ්‍යයේ විශේෂ අවධානයට ලක්විය.

තම පුත්‍රයාට එල්ල වී ඇති දේශපාලනමය බලපෑම් සහ CID භාරයේදී විඳීමට සිදු වූ බව කියන පීඩාවන් පිළිබඳව ඇය එහි සිටි දේශපාලන නායකයන් සහ මාධ්‍යවේදීන් සමඟ අදහස් හුවමාරු කර ගත්තාය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සැකසහිත කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ මාස තුනකට අධික කාලයක් රඳවා තබාගෙන සිටි සුරේෂ් සලේ මහතා, ඊයේ (07) රාත්‍රියේ හදිසියේම රෝගාතුර වීම නිසා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණි.

ඔහු දැඩි සෞඛ්‍ය පීඩාවකට ලක්ව සිටින පසුබිමක, විපක්ෂයේ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව විසින් දේශපාලන පළිගැනීමේ චේතනාවෙන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් දඩයම් කරමින් සිටින බවයි. පවතින විරෝධතා තත්ත්වය හේතුවෙන් කොටුව ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් තර කර තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්