පෙන්ටගනයේ ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙයි

ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය (Pentagon) අභ්‍යන්තරයේ හදිසියේ ඇති වූ ‘වායු තත්ත්ව ගැටලුවක්’ (Air Quality Issue) හේතුවෙන් එහි සැලකිය යුතු කොටසක් වහාම වසා දැමීමට බලධාරීන්

මිතුරන් සමග බෙදාගන්න

ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය (Pentagon) අභ්‍යන්තරයේ හදිසියේ ඇති වූ ‘වායු තත්ත්ව ගැටලුවක්’ (Air Quality Issue) හේතුවෙන් එහි සැලකිය යුතු කොටසක් වහාම වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ආරක්ෂිත පියවරක් ලෙස පෙන්ටගන ගොඩනැගිල්ලේ සිව්වන සහ හත්වන කොරිඩෝ මෙන්ම දෙවන මහලේ සිට පස්වන මහල දක්වා වූ ප්‍රදේශ මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර, එහි සේවය කළ නිලධාරීන් පිරිසක් ද වහාම එම මහල්වලින් ඉවත් කිරීමට කටයුතු කර ඇත. පෙන්ටගන බලධාරීන් ප්‍රකාශ කරන පරිදි, ගොඩනැගිල්ලේ අභ්‍යන්තර ආරක්ෂක පද්ධති මඟින් වායුවල ගුණාත්මකභාවයේ හදිසි වෙනසක් (Anomalous Air Quality) හඳුනා ගැනීමත් සමඟ මෙම පූර්ව ආරක්ෂණ පියවර ගෙන තිබේ.

මෙම හදිසි තත්ත්වය හේතුවෙන් පෙන්ටගන පරිශ්‍රය තුළ යම් නොසන්සුන්තාවක් ඇති වුවද, මේ වන විට එය පාලනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අන්තරායකර ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිචාර දැක්වීමේ විශේෂ කණ්ඩායම් (HAZMAT) සහ ප්‍රාන්ත ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව තත්ත්වය පරීක්ෂා කරමින් සිටින නමුත්, මෙලෙස වායු තත්ත්වය වෙනස් වීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පෙන්ටගන ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්