ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින දිගුකාලීන ගැටුම් නිමාවට පත් කරමින් ස්ථිර සාමය උදා කිරීමේ අරමුණින් සකස් කළ ‘ඉස්ලාමාබාද් සාම සංදේශය’ හෙට (14) දිනයේදී අත්සන් නොකරන බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ඉරාන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක එස්මයිල් බගයි (Esmaeil Baghaei) මහතා උපුටා දක්වමින් එරට රාජ්‍ය මාධ්‍ය මේ බව තහවුරු කර ඇත. දෙරට අතර ස්ථිර සාමය උදෙසා වන මෙම ඓතිහාසික සංදේශය හෙට දිනයේදී අත්සන් කිරීමට නියමිත බවට මීට පෙර විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් ඉරානය අවධාරණය කරන්නේ, අනෙක් පාර්ශවයේ පවතින පැකිලීම (hesitancy) හේතුවෙන් මෙම ගිවිසුම අත්සන් කරන නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ ප්‍රවේශම් විය යුතු බවයි. එසේ වුවද, ඉදිරි දින කිහිපය තුළදී මෙම ඉස්ලාමාබාද් සාම සංදේශය අත්සන් කිරීමට පවතින හැකියාව සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකි බව ද ඉරාන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.