සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

ආචර්ගේ නමට අමිහිරි IPL වාර්තාවක්

IPL තරගාවලියේ දෙවන තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව අද (23) පැවැත්වෙන තරගයේදී වාර්තාගත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. හයිද්‍රාබාද්හිදී පැවැත්වෙන මෙම

මිතුරන් සමග බෙදාගන්න

IPL තරගාවලියේ දෙවන තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව අද (23) පැවැත්වෙන තරගයේදී වාර්තාගත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

හයිද්‍රාබාද්හිදී පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 286ක් රැස්කිරීමට සමත් විය.

මෙය IPL ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

කෙසේ නමුත් එහි ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද ඔවුන් සතුවම තිබේ.

පසුගිය වසරේ පැවති තරගාවලියේදී ඔවුන් RCB කණ්ඩායමට එරෙහිව ලකුණු 287/3ක් රැස්කිරීමට සමත් විය.

ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ ඉෂන් ක්‍රිෂාන් පන්දු 47කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 106ක් රැස් කළේය.

ඔහුගේ ඉනිම හයේ පහර 6කින් හා හතරේ පහර 9කින් වර්ණවත් විය.

මෙහිදී දැඩි පහරකෑමකට ලක් වූ ජොෆ්රා ආචර් සිය පන්දුවාර 4 අවසන් කළේ කිසිදු කඩුල්ලක් ලබා නොගෙන ලකුණු 76ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

එය IPL ඉතිහාසයේ පන්දු යවන්නෙකු ලබාදුන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

මීට පෙර එම වාර්තාව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ මෝහිට් ශර්මා (73/0) සතුව තිබුණි.

මෙම තරගයට රාජස්ථාන් වෙනුවෙන් මහීෂ් තීක්ෂණ ක්‍රීඩාකළ අතර, ඔහු පන්දුවාර 4 අවසන් කළේ ලකුණු 52කට කඩුලු 2ක් දවාගනිමින්ය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්