සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු අවසන් අදියරට

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි. ඒ අනුව අප්‍රේල් මස 05 වැනිදා

මිතුරන් සමග බෙදාගන්න

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.

ඒ අනුව අප්‍රේල් මස 05 වැනිදා වන විට එම ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදීමට පියවර ගන්නා බව මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර පැවසීය.

මීට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ද මේ වන විට සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළව සියලුම දිස්ත්‍රික්කවල තොරතුරු මේ වන විට මුද්‍රණාලය වෙත ලැබී ඇති බව සඳහන්ය.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව ගතවු දිනය තුළ මැතිවරණ නිතී උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

මැතිවරණ නිතී උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 06ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් ඒ අතර වන බව පොලීසිය පැවසීය.

නිකවැරටිය මීගලෑව ප්‍රදේශයේදි පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් මීගලෑව පොලීසියට පැමිණිල්ලක් වාර්තා වී ඇති බව සඳහන්ය.

මීට අමතරව මාතලේ, කළුතර, ගල්කිස්ස සහ මොනරාගල යන ප්‍රදේශවලින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 06 ක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්