රෝයල් පැරදූ දිල්ලි කැපිටල්ස් ට කඩුලු 6ක ජයක්

කේ.එල්. රාහුල් නොදැවී ලබාගත් ලකුණු 93ත්, කුල්දීප් යාදෙව්ගේ සහ විප්රාජ් නිගම්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 24වන තරගය වූ රෝයල් චැලේන්ජ් බැංගලෝර්

මිතුරන් සමග බෙදාගන්න

කේ.එල්. රාහුල් නොදැවී ලබාගත් ලකුණු 93ත්, කුල්දීප් යාදෙව්ගේ සහ විප්රාජ් නිගම්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 24වන තරගය වූ රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්විය.

පෙරේදා (10 දා) බැංගලූරුහිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජ් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 163ක් ලබාගත් අතර, ලකුණු 164ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දු වාර 17යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 169ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

එම ජයත් සමගම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන සටහන් කර ගැනීමට ද අවස්ථාව ලැබිණි.

රෝයල් චැලේන්ජ් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී පිල් සාල්ට් ලකුණු 37ක්, ටිම් ඩේවිඩ් ලකුණු 37ක් සහ රාජට් පතිදර් ලකුණු 25ක් ලැබීය.

පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් ලකුණු 17කට කඩුලු 2ක් සහ විප්රාජ් නිගම් ලකුණු 18කට කඩුලු 2ක් බිඳහෙළීය.

දිල්ලි කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කේ. එල්. රාහුල් නොදැවී ලකුණු 93ක් සහ ටී්‍රස්ටන් ස්ටැබ්ෂ් නොදැවී ලකුණු 38ක් ලැබීය. පන්දු යැවීමේදී බුවනේෂ්වරන් කුමාර් ලකුණු 26කට කඩුලු 2ක් දවාලීය.

තරගයේ වීරයා ලෙස කේ. එල්. රාහුල් සම්මාන ලැබීය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්