ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ එසෙක්ස් කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට ගිවිසුමකට එළඹී තිබෙනවා.
ඔහු එසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් තරග පහකට ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ.
ඒ අනුව, එළඹෙන සිකුරාදා වෝර්සෙස්ටර්ෂයර් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේදී කසුන් රාජිත එසෙක්ස් කණ්ඩායම නියෝජනය කරනු ඇති.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන අතර, කසුන් රාජිතව එසෙක්ස් කණ්ඩායමට එකතු කර ගැනීමට හැකිවීම ගැන ඔහු සතුටු වන බවත්, මෙම තරගාවලියේදී ඔහු විශිෂ්ට