සිරස්තල

දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක්

දින දෙකක් පුරා පැවති දේශසීමා සටන්වලින් පසුව, කාම්බෝජය අසල්වැසි තායිලන්තය සමඟ “වහාම” සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපති චීයා කියෝ මහතා පැවසුවේ, තම

මිතුරන් සමග බෙදාගන්න

දින දෙකක් පුරා පැවති දේශසීමා සටන්වලින් පසුව, කාම්බෝජය අසල්වැසි තායිලන්තය සමඟ “වහාම” සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපති චීයා කියෝ මහතා පැවසුවේ, තම රට “කොන්දේසි විරහිතව” සටන් විරාමයක් ඉල්ලා සිටි බවත්, නොම් පෙන් “ආරවුලට සාමකාමී විසඳුමක්” අපේක්ෂා කරන බවත්ය.

කෙසේ වුවද, සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් තායිලන්තය මෙතෙක් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර, කාම්බෝජයට මායිම්ව පිහිටි තායිලන්තයේ දිස්ත්‍රික්ක අටක මීට පෙර යුද නීතිය ප්‍රකාශයට පත් කර තිබුණා. මෙම දේශසීමා ගැටුම් කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් වී ඇති අතර, දෙරට අතර සාමකාමී විසඳුමක් අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්