සිරස්තල
තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතුරු ඇඟවීමක්

සූර්ය විදුලිය ගබඩා කරන්න යෝද ජල බැටරියක්..

මෙගාවොට් 600 ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය, සුර්ය හා සුළං බලයෙන් ජනනය වන බල ශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ

මිතුරන් සමග බෙදාගන්න

මෙගාවොට් 600 ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය, සුර්ය හා සුළං බලයෙන් ජනනය වන බල ශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ යන විට එය නැවත විදුලිබල පද්ධතියට සපයනු ඇත. 2030 වන විට විදුලි උත්පාදනයෙන් 70% ක් පුර්නජනනීය ප්‍රභවයන්ගෙන්, උත්පාදනය කිරීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සදහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වේ.

මෙම ව්‍යාපෘතිය අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල පිහිටුවන ජලාශ දෙකක්, කිලෝමීටර් 2.5 ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ක්‍රියාත්මක වන මහා පරිමාණ බල ශක්ති ගබඩා කිරීමේ පද්ධතියකි. මෙමගින් ශ්‍රී ලංකාව තීරණාත්මක ලෙස පුර්නජනනීය බල ශක්තිය කරා යන පරිවථනීය ගමන, පොසිල ඉන්ධන මත යැපීම අඩු කර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමේ ඉලක්කය සපුරා ගනී.

මෑතකදී පැවති රැස්වීමකදී, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් වෙත ව්‍යාපෘතියේ මූල්‍ය මාර්ග සිතියම නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබීය.
පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලක් සහතික කරමින් විදුලි ගාස්තු සඳහා වන බලපෑම් අවම කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන වලින් දිගු කාලීන අරමුදල් ලබා ගැනීම ලංකා විදුලි බල මණ්ඩලයේහි අරමුණයි.


මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය මගින් නියෝජනය වන්නේ බල ශක්ති ස්වාධීනත්වය, පුර්නජනනීය බල ශක්තිය අවශෝෂණය කර ගැනීම සඳහා පද්ධති සහාය, ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ පාරිසරික තිරසාර භාවයයි. ලංකා විදුලිබල මණ්ඩලය සියලු පාර්ශවකරුවන්ට ආරාධනා කරන්නේ ශ්‍රී ලංකාවේ දීප්තිමත් හරිත බල ශක්ති අනාගතයක් කරා යන ගමනට සහයෝගය දක්වන ලෙසයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්