සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

IPL ජය සැමරුම අතරතුර තෙරපීමකින් 11 ක් මරුට

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු හිදී අද (ජූනි 04) සංවිධානය කර තිබූ උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින්

මිතුරන් සමග බෙදාගන්න

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු හිදී අද (ජූනි 04) සංවිධානය කර තිබූ උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම ඛේදවාචකයෙන් පුද්ගලයින් 50 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමය (KSCA) විසින් මෙම ජය සැමරුම සංවිධානය කර ඇති අතර, චින්නස්වාමි ක්‍රීඩාංගනය අසල රැස්ව සිටි විශාල පිරිසක් සමඟ මෙම තෙරපීම වාර්තාවී ඇත. සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින අතර, තුවාල ලැබූවන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටිති.

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්