සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි

Starlink අන්තර්ජාල සේවාව ලබන සතියේදී ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පවසනවා. TRCSL හි අධ්‍යක්ෂ ජෙනරාල්

මිතුරන් සමග බෙදාගන්න

Starlink අන්තර්ජාල සේවාව ලබන සතියේදී ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පවසනවා.

TRCSL හි අධ්‍යක්ෂ ජෙනරාල් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා සඳහන් කළේ, Starlink සේවා ලබා ගැනීම සඳහා ආරම්භක පරිශීලකයින් 12 දෙනෙකු තෝරාගෙන ඇති අතර, මෙම සතියේදී ඔවුන්ට අවශ්‍ය උපකරණ දැනටමත් බෙදා හැර ඇති බවයි.

එසේම, මේ වන විට උපකරණ කට්ටල 112ක් රට තුළට ආනයනය කර තිබෙනවා. සේවා ගුණාත්මකභාවය සහ ජාතික ආරක්ෂක අනුකූලතාව සහතික කිරීම සඳහා TRCSL සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සතියක කාලයක් තුළ මෙහෙයුම් නිරීක්ෂණය කරනු ඇත. එම කාලසීමාවෙන් පසු Starlink නිල වශයෙන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සඳහා වන Residential පැකේජයේ මිල මසකට රුපියල් 15,000ක් වන අතර, අවශ්‍ය උපකරණ සඳහා රුපියල් 118,000ක මුදලක් දැරීමට සිදුවනවා. මෙම පැකේජය සඳහා අසීමිත දත්ත (Unlimited Data) පහසුකම හිමිවීම විශේෂත්වයකි.

මෙමගින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ප්‍රවේශය සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්