සිරස්තල

Tamil Vibe එකට හැඩවුණු චන්දිමාල් ජයසිංහ සහ යාරා ඇලන්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය ශිල්පියෙකු, ව්‍යවසායකයෙකු සහ සමාජ සේවකයෙකු ලෙස ප්‍රකට චන්දිමාල් ජයසිංහ, රංගන ශිල්පිනී යාරා ඇලන් සමඟින් එක්ව, දකුණු ඉන්දීය සම්ප්‍රදායට මුල්තැන දෙමින්

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය ශිල්පියෙකු, ව්‍යවසායකයෙකු සහ සමාජ සේවකයෙකු ලෙස ප්‍රකට චන්දිමාල් ජයසිංහ, රංගන ශිල්පිනී යාරා ඇලන් සමඟින් එක්ව, දකුණු ඉන්දීය සම්ප්‍රදායට මුල්තැන දෙමින් සිදු කළ අලංකාර ඡායාරූප එකතුවක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.

ඔහුගේ වෘත්තීය ජීවිතය තුළින් මනාලියන් හැඩගැන්වීම්, මහා පරිමාණ විලාසිතා සංදර්ශන සංවිධානය කිරීම සහ ‘Salon Chandimal’ රූපලාවණ්‍යාගාර ජාලය තුළින් චන්දිමාල් ජයසිංහ ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ඇති අතර, මෙම ඡායාරූප එකතුව තුළින්ද ඔහුගේ නිර්මාණශීලී හැකියාව මනාව පිළිබිඹු වෙනවා.

දකුණු ඉන්දීය සම්ප්‍රදායික විලාසිතාව වූ “Tamil Vibe” එකට හැඩවී, එහි අලංකාරය හා ශ්‍රී ලාංකේය සංස්කෘතියේ සුන්දරත්වය එක් කරමින් නිර්මාණය කළ මෙම ඡායාරූප එකතුව චන්දිමාල් ජයසිංහ හා යාරා ඇලන් විසින් අලංකාර කර තිබෙනවා. මෙම අපූරු නිර්මාණයට දායක වූ ශිල්පීන්ගේ විස්තර පහතින් දැක්වේ.

 

 

  • ඡායාරූපකරණය (Photography): Isuru Liyanage Photography
  • රූපලාවන්‍ය ශිල්පී (MUA): SALON LANKA FERNANDO
  • සාරිය (Saree): Vasthralaya Sarees
  • ජැකට් (Jacket): Navajothi Boutique
  • ආභරණ (Jewellery): Navajothi Collection
  • ස්ථානය (Location): The Urban Fortress
  • නිරූපණය (In frame): Chandimal Jayasinghe & Yaara Allen

වෙනත් පුවත්

උණුසුම් පුවත්